30% දක්වා ආකර්ෂණීය අමතර ආදායමක්
සංචාරකයා වෙනත් ප්‍රවාහන සේවාවක් මගින් පැමිණියද ඔබේ QR Code එක හරහා Book කර ඇත්නම් ඔබට 10% ක අමතර ආදායමක් හිමිවේ. ඔබ විසින්ම සංචාරකයාගේ ප්‍රවාහන පහසුකම් සලසා දී අප වෙත යොමු කරන්නේ නම් ඔබට 30% ක අමතර ආදායමක් හිමිවේ.
Hello Sri Lanka Partner Referral Programme
ඔබ හෝටලයක්, විලා එකක්, කැෆේ එකක්, සෆාරි හෝ ටැක්සි රථ සේවාවක්, සංචාරක ආකර්ෂණ ස්ථානයක් හෝ වෙනත් ඕනෑම සංචාරක සේවාවක් පවත්වාගෙන යන අයෙක්ද?
ඔබ වෙත පැමිණෙන සංචාරකයින් අද අපිට කරන්න හොඳ දෙයක්, බලන්න යන්න හොඳ තැනක් කියන්න කියලා ඔබෙන් නිතරම අහනවා නේද? මෙතෙක් කල් ඔබ නොමිලේ දුන් ඒ වටිනා උපදෙසින් දැන් Hello Sri Lanka හරහා ඔබේ ව්‍යාපාරයට අමතර ආදායමක් ලබාගන්න පුළුවන්. ඒ සඳහා කිසිදු මූලික මුදලක් වැය වන්නේ නැහැ.
කාට එකතු විය හැකිද
ප්‍රතිලාභ
සංචාරකයින් අප වෙත යොමු කිරීම මගින් ඔබට කිසිදු අමතර වෙහෙසකින් තොරව සාර්ථක අමතර ආදායම් මාර්ගයක් නිර්මාණය කරගත හැක.
සංචාරකයා වෙනත් ප්‍රවාහන සේවාවක් මගින් පැමිණියද ඔබේ QR Code එක හරහා Book කර ඇත්නම් ඔබට 10% ක අමතර ආදායමක් හිමිවේ. ඔබ විසින්ම සංචාරකයාගේ ප්‍රවාහන පහසුකම් සලසා දී අප වෙත යොමු කරන්නේ නම් ඔබට 30% ක අමතර ආදායමක් හිමිවේ.
එකතු වන මෙම අමතර ආදායම ආයතනයේ අයිතියට ලබාගැනීමට හෝ ආයතනයේ සේවකයින් අතර බෙදා දීමට Common Pool එකකට එකතු කිරීමට හැකියාව ඇත. ඔබේ ආයතනයේ කැමැත්ත පරිදි Hello Sri Lanka මගින් අදාළ මුදල ලබා දෙනු ලැබේ.
ලියාපදිංචි වීමට හෝ සේවාවන් පවත්වාගෙන යාමට කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
ඔබේ ව්‍යාපාරයටම වෙන්වූ අලංකාර QR Display එක සහ Sticker එක අප විසින් නොමිලේ ලබාදෙනු ලැබේ. මෙය Reception Table එක මත තැබීමට හෝ සංචාරකයින්ට පහසුවෙන් පෙනෙන ස්ථානයක අලවා තැබීමට හැකියාව ඇත.
ඕනෑම සංචාරකයෙකු ඔන්ලයින් හරහා Booking එක තහවුරු කළ සැනින් අදාළ QR code එක හිමි පාර්ශවය වෙත WhatsApp පණිවිඩයක් මගින් ක්ෂණිකව තොරතුරු ලැබෙනු ඇත.
Hello Sri Lanka ආයතනය මූලික වශයෙන් ප්‍රවර්ධනය කරනු ලබන්නේ පරිසර හිතකාමී සහ සමාජ හිතකාමී අත්දැකීම් පමණි.
ක්‍රියාවලිය
Hello Sri Lanka Partner කෙනෙකු ලෙස මිනිත්තු කිහිපයකින් නොමිලේ ලියාපදිංචි වන්න.
අනුමැතිය ලැබුණු පසු ඔබේ ව්‍යාපාරයටම වෙන්වූ අලංකාර QR Display එක, Sticker එක සහ Referral Link එක ඔබට ලැබෙනු ඇත.
ලැබෙන QR Display එක Reception Table එක මත තබන්න. නැතහොත් Sticker එක සංචාරකයින්ට පහසුවෙන් පෙනෙන ස්ථානයක අලවා තබන්න.
සංචාරකයා QR code එක scan කර පරිසර හා සමාජ හිතකාමී අත්දැකීම් අතරින් ඔහු කැමති අත්දැකීම ලබා ගැනීමට booking එකක් දමනු ලබයි.
සංචාරකයා ඔන්ලයින් හරහා Booking එක තහවුරු කළ සැනින් Hello Sri Lanka යාවත්කාලීන පද්ධතිය මගින් අදාළ QR code එක හිමි ඔබට WhatsApp පණිවිඩයක් ලැබේ.
සංචාරකයා නියමිත දිනයට පැමිණ අත්දැකීම ලබාගෙන අවසන් වූ සැනින් ඔබට හිමිවන මුදල කොපමණද සහ එය ඔබේ ගිණුමට බැර වන දිනය පිළිබඳ සියලු තොරතුරු එම මොහොතේම WhatsApp මගින් ඔබට ලැබෙනු ඇත.
QR Display
ඔබේ ව්‍යාපාරයටම වෙන්වූ අලංකාර QR Display එකක් සහ Sticker එකක් අප විසින් නොමිලේ ලබාදෙනු ලැබේ. සංචාරකයාට එය scan කර, පරිසර හා සමාජ හිතකාමී අත්දැකීම් අතරින් තමන් කැමති එකක් තෝරාගත හැක.
සෑම Booking එකක්ම ඔබේ QR Code එක හරහා හඳුනාගනු ලබන බැවින්, ඔබට හිමිවන ආදායම නිවැරදිව සටහන් වේ.
ආදායම
ප්‍රවාහන පහසුකම් ඔබ විසින් සපයනවාද යන්න මත ආදායම තීරණය වේ.
10%
සංචාරකයා තනිවම හෝ වෙනත් ප්‍රවාහන සේවාවක් මගින් පැමිණියද, ඔබේ QR Code එක හරහා Book කර ඇත්නම් ඔබට 10% ක අමතර ආදායමක් හිමිවේ.
30%
ඔබ විසින්ම සංචාරකයාගේ ප්‍රවාහන පහසුකම් සලසා දී අප වෙත යොමු කරන්නේ නම් ඔබට 30% ක අමතර ආදායමක් හිමිවේ.
උදාහරණයක් ලෙස රු. 12,000 ක අත්දැකීමක් සඳහා
විනිවිදභාවය
ඔබට කිසිවක් සොයා බලන්න අවශ්‍ය නැත. සෑම යාවත්කාලීන කිරීමක්ම ඔබේ දුරකථනයට ලැබේ.
සංචාරකයා ඔන්ලයින් හරහා Booking එක තහවුරු කළ සැනින් අදාළ QR code එක හිමි ඔබට WhatsApp පණිවිඩයක් ක්ෂණිකව ලැබේ.
සංචාරකයා නියමිත දිනයට පැමිණ අත්දැකීම ලබාගෙන අවසන් වූ සැනින්, ඔබට හිමිවන මුදල කොපමණද සහ එය ඔබේ ගිණුමට බැර වන දිනය පිළිබඳ තොරතුරු එම මොහොතේම ලැබේ.
තෝරාගත් අත්දැකීම්
Hello Sri Lanka ආයතනය මූලික වශයෙන් ප්‍රවර්ධනය කරනු ලබන්නේ පරිසර හිතකාමී සහ සමාජ හිතකාමී අත්දැකීම් පමණි. ඒ අනුව ප්‍රමුඛ පෙළේ තෝරාගත් ස්ථාන කිහිපයක සුවිශේෂී අත්දැකීම් රැසක් දැනටමත් අපගේ වෙබ් අඩවියට එකතු කර ඇත.
ඔබේ QR කේතය ස්කෑන් කිරීමෙන් ඔබටත් සංචාරකයාටත් ඒ පිළිබඳ සියලු තොරතුරු බලාගත හැකිය.
ඔබේ තේරීම
එකතු වන අමතර ආදායම ආයතනයේ අයිතියට සෘජුවම ලබාගත හැක.
ආයතනයේ සේවකයින් අතර බෙදා දීම සඳහා Common Pool එකකට එකතු කළ හැක.
ඔබේ ආයතනයේ කැමැත්ත පරිදි Hello Sri Lanka මගින් අදාළ මුදල ලබා දෙනු ලැබේ. මෙය අනිවාර්ය නොවේ.
සහාය
නැත. ලියාපදිංචිය, QR Display එක සහ Sticker එක ලබාදීම ඇතුළු සියලුම සේවාවන් සම්පූර්ණයෙන්ම නොමිලේ සැපයේ.
අප විසින් ප්‍රවර්ධනය කරනු ලබන්නේ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී සහ සමාජ හිතකාමී සංචාරක අත්දැකීම් පමණි.
උදාහරණයක් ලෙස රු. 12,000 ක වැඩසටහනකට සංචාරකයා සහභාගී වුවහොත් සංචාරකයා තනිවම හෝ වෙනත් ප්‍රවාහනයකින් පැමිණියේ නම් රු. 1,200 ක අමතර ආදායමක් හිමිවේ. ඔබේ ප්‍රවාහන පහසුකම් සපයා යොමු කළේ නම් රු. 3,600 ක අමතර ආදායමක් හිමිවේ.
මෙම මුදල ආයතනය වෙනුවෙන් සෘජුවම ලබාගැනීමට හෝ සේවකයින් අතර බෙදාගැනීම සඳහා Common Pool එකකට ලබාගැනීමට හැකියාව ඇත. ආයතනයේ කැමැත්ත අනුව Hello Sri Lanka මගින් ගෙවීම් සිදු කරනු ලබයි.
සංචාරකයා ඔන්ලයින් හරහා Booking එක confirm කළ සැනින් Hello Sri Lanka WhatsApp පද්ධතිය හරහා ඔබට ඒ පිළිබඳ පණිවිඩයක් ක්ෂණිකව පැමිණේ.
සංචාරකයා නියමිත දිනයේදී අත්දැකීම ලබා අවසන් වූ සැනින් ඔබට හිමි වූ මුදල සහ එය ගිණුමට බැර වන දිනය පිළිබඳ තොරතුරු WhatsApp මගින් ක්ෂණිකව ඔබට එවනු ලැබේ.
නොමිලේ ලියාපදිංචි වී ඔබේ QR Code එක ලබාගෙන ඔබේ සංචාරකයින්ට වටිනා අත්දැකීම් හඳුන්වා දෙමින් අමතර ආදායමක් උපයාගන්න.
ඔබේ සංචාරකයින්ට පරිසර හා සමාජ හිතකාමී වටිනා අත්දැකීමක් ලබාදෙන ගමන්ම ඔබේ ව්‍යාපාරයටත් කිසිදු අමතර වෙහෙසකින් තොරව අමතර ආදායමක් උපයාගන්න. මේ සියලුම කටයුතු පිළිබඳ වැඩිදුර තොරතුරු Hello Sri Lanka ආයතනයෙන් ලබාගත හැක.